Ads Top

The JOB - රජයේ රැකියාව


The JOB - රජයේ රැකියාව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පෙ.ව 9.30 ට 
සර් ජෝන් කොතලාවල විද්‍යාලීය විභාග ශාලාවේදී, 

රැකියා විරහිත උගතුන් ඇයි මහපාරේ 
නැතිදෝ චන්ද පොරොන්දු දුන් මේ වාරේ 
ලිව්වත් රජයේ විභාග ටික පොදි බාරේ 
පන්සීය ගානේ ලැබුවේ උන් හැම වාරේ 

රැකියා දියව් රැකියා දියව් කෑගැහුවත් 
ගිරිය රුහිර රහ කරගෙන දොස් කීවත් 
දුප්පත් අපට රැකියා නෑ කා ගාවත් 
ඇමතිට වැන්දොතින් නම් වෙයි සිතූ යහපත් 

ඇමති කොහොම අල්ලන්නද එයා බිසී 
ලේඛම් මොකට ඉන්නවාද සිනා සිසී 
චන්දෙ දීපු අපි පෑගෙන කුණු පාපිසී 
උඹලා දින්නේ අපි හින්දයි මේ නොනැසී 

කවි ලිව්වේ මේ රට අල්ලන්න නෙවෙයි 
දොස් කිව්වේ හෙට සුදු වෑන් වල යන්න නෙවෙයි 
දුප්පත් අපේ අදෝනාව මේක නෙවෙයි 
ඊළඟ පාර ගම් පළාතේ එනවා නෙවෙයි 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.