Ads Top

අනුවගේ සති අන්තේ II


අනුවගේ සති අන්තේ II 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කලින් නැවතුනේ මල්ලිලා ඇවිල්ලා පාන් කන සිද්දියෙන්නේ, කෝම හරි පාන් රාත්තලකට විතර වග කියලා අපි පිටත් උනා ලොකේෂන් බලන්න. අර ගැන්ග්ස්ටර් කෙස් එකට. හම්මා පොට් එකට එන්ටර් වෙනකොටම හොල්මන් ගතියක් දැනුනා කියන්ටකෝ.

“ ඒ මල්ලී බයයි ඕයි ” 

උන් හිනා වෙනවා. හිනාව තමයි මොනවා හරි උනොත් එහෙම. ගට් අරගෙන අනුවත් හිටියා. 

අත ඇරලා දාපු ගඩොලෙන් බැඳපු පරණ බිල්ඩිමක්, බිත්ති වල පුස් අල්ලලා වැල් ගිහිල්ලා, තැනින් තැන මඩ වෙලා හොල්මන් රජ ගෙදරක් වගේ නියමෙටම තිබුණා.  අනුවා දැක්කා ඈතින් මොකද්ද හෙලවෙනවා.

“ ඒ ... ඒ... අර අතන ”

“ අපෝ අක්කේ ඔහොම බය වෙන්න එපා ”

“ බයට නෙවෙයි මේ, සේෆ්ටි ෆස්ට් කියනවනේ ඒකයි ”

වෙලාවකට දඟලනවා, වෙලාවකට නෑ. අනුවා ඒ පැත්ත බලන්නේ නැතුව තමන්ගේ රාජකාරියේ නියැළුනා. ඕම පුළුවන්ද ඉස්සරහට හොඳ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්ට කියලා අනුවා අනුවටම කියාගෙන හිත හයිය කරගත්තා. 

ෆ්‍රේම් එකට නියමෙට මැච් වෙන තැනක් දිහා අපි කන්ට වගේ බලාගෙන හිටියා. ඔන්න එකපාරටම අනුවට දැනුනා කකුලේ නයෙක් එතෙනවා වගේ දෙයක්. අනුවා උඩ ගියේ නැති ටික විතරයි. 

“ අනේ.... සූටි සූටියා.... ” එකපාරටම බය වෙන්න හිතාගෙන හිටපු කෙල්ල කියන්ට ගත්තා. 

“ අනේ... අක්කියෝ ෂෝයි අනේ ” මලයන්ඩිලත් කියන්ට ගත්තා. 

මේ චූටි බව්වා පැටියෙක් අනුවගේ කකුලේ එතිලා. හම්මේ ඔන්න අනුවගේ දරු ස්නේහේ පහළ උනා. දැන් මෙතන හොල්මන් තියා යම රජ්ජුරුවෝ ඇවිල්ලා පලයන් කිව්වත් අනුවා යන්නේ නැති සයිස් එකේ. 

“ මූණු.. මූණු.. කොටේ, චූටි පූටියා , ටුටූ බටුවා ” වගේ බොහොම අර්ථවත් තේරුම් රැසක් තියෙන වචන කිහිපයක් අනුවගේ කටින් හෝ ගාල පිටවෙනවා. දරු දුක දරු දුක. ගෙදර අරං යන්න පුළුවන් කමක් තිබ්බනම් අම්මපා ගෙනියනවා. ඒ උනාට ඔය යකාව ගෙදර අරං ගිහිං මොකටද නිකං කෑම ටිකට් එක කපා ගන්නේ. අනුවගේ අම්මා හෙන සැරයිලුනේ. 

දරු නැලවිලි එහෙම ඉවර වෙලා වේලාව බලනකොට , අම්මටසිරි වේලාව 12 යි. රැජිනට එනවා කිව්වනේ අනුවගේ හෙන ෆිට් යාළුවෙක්. දැන් ඉතිං ගෙදර ගිහිං ආයේ වොෂ් පාරක් දාලා පව්ඩර් බබා වගේ යන්ට ඕනෑ කියලා අනුවා හිතුවා. වෙල පැත්තෙන් ෂෝර්ට් කට් එකක් දාලා පට ගාලා මල්ලිලාත් එක්ක දුවලා ගියේ පරක්කු උනොත් අනුවට අර බොම්බේ කන්න වෙන හින්දා. 

- අනුවගේ ජරමර ඉදිරියටත් 

Siththam Maya | Anu Perera. Powered by Blogger.