Ads Top

අනුවගේ සති අන්තේ III


අනුවගේ සති අන්තේ III 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හුස්මක් කටක් ගන්ට හම්බුනේ නෑ මේ සිත්තම් මායාවේ පැල පදියම් උන ඈයෝ ටිකක් පාට් එක දුන්නා නෙවැ පාට් ත්‍රී දාහන්, දාහන් කියාලා. මොකටද නිකං බ්ලොග් එක ළමයෙකුට දෙන්නේ කියලා අනුවා මේ ඉහින් කනින් දාඩිය දාගෙන අකුරු කොටනවා. හරි අපි යමුකෝ අපේ සීන්ස් එකට. අනුවයි මල්ලිලයි මේ පට පට ගෑවිල්ලේ ගෙදර දුවනවා රැජිණ අල්ලගන්න. 

“ පුංචෝ .... අපි ආවෝ... ” කිසිම හාවක් හූවක් නෑ, හරියට නිකං “ ඉතිං අපිට මොකෝ ” වගේ උත්තරයක් තමයි ඒ නිහඩියාවේ තිබුණේ. 

අනුවා ෆ්ලෑෂ්ට දෙවෙනි නොවී කඩිමුඩියේ ලෑස්ති වෙනවා. අනුවා කරේ එල්ලගන්න මල්ලයි, ලැප් මල්ලියි අත් දෙකට අරගෙන පුන්චිලගේ ගෙදරින් යන්නයි මේ සූදානම. 

“ ඒ... පුංචෝ... මම යනෝ... ”

“ කොහෙද ? ”

“ ගෙදර ”

“ දැන්ද කියන්නේ ? ”

“ ඇයි මම ඊයේ පුන්චලා ඉෂිතා බලනකොට කිව්වේ. මට පරිස්සමින් ගිහිං එන්න කියලත් කිව්වේ ”

“ ආ... ඔව් ඔව් හ්ම් හ්ම්... එහෙනං පරිස්සමින් ගිහිං එන්න. අම්මට කෝල් කළාද ? ”

“ ඕ... ඕ ... ”

 “ ගෙදර ගිහිං කෝල් එකක් දෙන්න එහෙනං. චූටි පුතා.... අක්කව කොටුවට ඇරලලා එන්න ”

හැබැයි ඉතිං මොන කයිවාරුව ගැහුවත් ඉෂිතා බලන වෙලාවේ කියපු කිසිම දෙයක් පුංචාට මතක නෑ කියලා නම් අනුවගේ මීටරේට වැටුනා. ඔන්න මලයත් එනවා අන්ඩ දාපු ඩෙනිමක් කාරිය ගහගෙන අක්කව ඉෂ්ටේෂමට ඇරලන්න. 

“ අක්කේ යං ”

“ මේ මන්ගයෝ මිටපස්සේ යහපත් අහිංසක හොර වැඩක් එහෙම ප්ලෑන් කරලා අම්මට කියනකොට ඉෂිතා බලනවෙලාවට කියන්ට ඕනෑ තේරුණාද ? ”

අනුවා මල්ලිටත් කපටි කමෙන් ටිකක් කියලා දුන්නා. බය වෙන්න දෙයක් නෑ ඉතිං. අනුවාගේ කනෙන් රිංගනවා කියන එක ලේසි නැති නිසා මලයට හොරවැඩ ටිකක් උගන්නලා දැම්මා. 

“ කෝ... බං බස් ? ”

“ දැන් එයි ”

වේලාව 12යි 50යි . 1.30 ටද කොහෙද රැජිණ කොටුවට සම්ප්‍රාප්ත වෙනවත් එක්ක. 

ටුරු ටූ රු රුරු ටූ රු රුරු ටූ රූ රූ ..... ටුරු ටූ රු රුරු ටූ රු රුරු ටූ රූ රූ ..... ටුරු ටූ රු රුරු ටූ රු රුරු ටූ රූ රූ ..... ටුරු ටූ රු රුරු ටූ රු රුරු ටූ රූ රූ ..... 

“ මෙහ් හෙලෝ හෙලෝ මං බත්තරමුල්ලේ ඉන්නේ. ඉක්මනට එනෝ... ”

“ යකෝ .... ට්‍රේන් එක ආවා ”

“ ඈ.... මෙච්චර කලින් ”

“ චක් චක් බක් බක් නෙවෙයි ඉක්මනට එනවා ”

“ හරි හරි මම මේ ඩ්‍රයිවින් සීට් එකේ දැන් ඉන්නේ. මට ඕනේ විදියට එන්නම් ”

අනුවා කටින් කිව්වා වගේ නෙවෙයි වේලාව බලනකොට 1 යි 20 යි. තව විනාඩි 10කින් රැජිණ කොටුවෙන් අද්දනවා.

- අනුවගේ ජරමර තවත් ඉදිරියට  

Siththam Maya | Anu Perera. Powered by Blogger.