Ads Top

හිතාදර දෙවියනි


හිතාදර දෙවියනි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මට පොඩි ගැටළුවක් තියෙනවා දෙවියොත් එක්ක 
හැමවෙලාවෙම මම පරාද උන තැන් වලදී 
අම්මා කිව්වා 
දෙවියෝ අපේ ධෛර්යය මනිනවා කියලා 
ඒ හින්දා කඳුළු හංගගෙන 
ආයේ නැගිටින්න කියලා 
ආපු ප්‍රශ්න වලට උළුක්කුවට හිනා වෙලා 
දිගටම උත්සහවන්ත වෙන්න කියලා 
මම කට පියාගෙන අහන් හිටියා 
කඳුළු හංගගෙන 
හදවත ගලක් කරගෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා 
ලෝකයක් පෙරලන ප්‍රශ්න නෙවෙයි 
ඉටුනොවෙන හීන ඉටුකරගන්න දඟලනකොට වෙන හිත් රිදීම් 
මගේ හිතේ හයිය ගැන ආයේ තර්ක කරන්නට අවශ්‍ය නෑ 
ඒක උඩ ඉන්න දෙවියෝවත් දන්නේ නෑ 
හැබැයි මට උවමනා නෑ 
දෙවියන්ව පුදුම කරන්න 
මම තරම් ධෛර්යවන්තයෙක් මේ ලෝකේ වෙන නෑ කියලා 
කඳුළු ගිලගෙන හිනා උන තැන් එමටයි 
මහමෙරක දුක දැනෙන්න මහමෙරක ලොකු ගැටළු වෙන්නම අවශ්‍ය නෑ 
තමන් ගොඩක් ආදරේ කරන 
පුංචිම පුංචි දෙයක් අක්‍රීය උනාම ඇති 
ඒකට කියන්නේ අත හැරීම ප්‍රගුණ නොකිරීම වෙන්න පුළුවන් 
හැබැයි මම තවමත් පෘතග්ජනයෙක් 
හීනි හීනි ආසා උඹලා මගේ හිත් වල පල පදියම් වෙලා තියෙනවා 
දැන් මම අවස්ථාවක් දෙනවා දෙවියන්ට 
ඔබතුමාට මම වෙනුවෙන් කරන්න පුළුවන් දේ උරගා බලන්නට 
පටන් ගමු පළමු වරමෙන් 
මගේ විනෝදය මගේ හොඳම වෘත්තීය කරදෙන ලෙසට 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.