Ads Top

රතු ජෙල් පෑන


රතු ජෙල් පෑන

සිත්තම් මායා | අනූ පෙරේරා

අපි ගහකට නැග්ගොත්
ඒකෙත් දෙබලක් කියනවනේ
සතාව සත්‍යාපනය කරමින්
අද කොටුවේ
හරස් වීදියට ගොඩ බැස්සා
අපේ ඊලඟ project එකකට
ටක් ටික් පෑන් සොයමින්
කෝ ඉතිං කලබලේනේ
මුල්ම කඩවල
පෑනක මිලදී ගැනීමේ පිරිවැය
හෙන ගණන්
මේක අරන් print එකට දීලා
එහෙම අතට එනකොට අපිට හෙන ගණන්
අහ් ඕවා දන්නෙ නෑනෙ
මුලින් කඩවල් 30කට විතර ගියාම
20කම අපි හොයන සාමන්‍ය පෑනක් නෑ
ඉතුරු 10යේ මෙලෝ රහක් නැති එව්වා
සැර ගනන් වලට තියෙනවා
උනාට කතාව නම් කොහොමද
කොටුවේ හරස් වීදියකට බැස්සම මොනවද ගන්න නැත්තේ කියලයි
සැට් එකටම තද වෙලා
වැඩේ අත ඇරලා දැම්මා
මේ මොන මඟුලක්ද යකෝ
මට පෞද්ගලිකව රතු ජෙල් පෑනක් උවමනා කරලා තිබුනා
" මේ මං රතු ජෙල් එකක් අරන් එන්නම් පොඩ්ඩක් ඉන්ට "
මම කඩේට ගිහින් රතු ජෙලක් ඇහුවා
" නෑ මිස් "
හරි ඉලඟ කඩේට ගියා
" නෑ මිස්ස් "
ඉලඟ
" නෑ මිස්ස්ස් "
අම්මපා මේ හරස් වීදිද ?
හයවෙනි කඩේ රතු ජෙල් තියෙනවා
හැබයි බිලක් දාන්ට ඕනෑ
" හා "
කැශියර් එකෙන් කැශියර් එකට
මම යනව බිලක් අරගෙන
මේ පොඩි රුපියල් විස්සක
දහඅට වංගුවේ කැරකෙනවා වගේ
මේම ගියොත් ටොපියක් ගන්නත්
බිලක් දාගන්න වෙයි වගේ


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.