Ads Top

අපි සහෝදරයෝ


අපි සහෝදරයෝ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අම්මපා මේ සමාජය 
තවමත් පරිණත වෙලා නෑ 
මේ පරණ තාලෙට හිතන මිනිස්සු 
කොල්ලෙකුට කෙල්ලෙකුට 
ආශ්‍රය කරන්න දෙන්නේ නෑ 
මොකක්ම හරි හදනවා පදයක් 
අඩුම ගානේ තමන්ගේම සහෝදරයා 
තමන්ගේම සහෝදරිය 
එක්ක එකට පාරේ යන්න බැරි තත්වයක් මේක 
තමන්ගේ උන්ටත් වඩා රුදාව 
අනුන්ටනේ 
ස්වාධීන අයිතිය කෝ මිනිස්සුන්ගේ ?
අල්ලපු ගෙදරට හොර මිනිස්සු එන්න හොඳයි 
තමන්ගේම එකා එක්ක බැල්කනියේ 
මහ හයියෙන් හිනා වෙන්න හොඳ නෑ 
ඇයි දෙගොල්ලන්ට නීති දෙකක් ?
උන්ට ඕනෑ දේ උන් කරනවා නම් 
අහවල් එකකටද අනුන්ගේ රෙදි අස්ස හොයන්නේ ? 
අපේ ඈයොන්ට නැති ප්‍රශ්න කන්දරාවක්නේ 
පිට උන්ට තියෙන්නේ 
බලන් ගියාම 
ඒ නිසා දැනගැනීම පිණිස කියලා තියන්නම් 
මුන්ට මං අක්කා වෙනකොට 
මට මුන් මල්ලිලා 
සමහරවිට මේ ඕපේ හොයන උන්ට නොතේරෙන 
සහෝදර බැඳීම  

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.