Ads Top

සුද්දිගේ සිංහල


සුද්දිගේ සිංහල

සිත්තම් මායා | අනූ පෙරේරා

ඔළුව කුරුවල් වෙලා වගේ

තිබුණ හින්දත්
වෙන වෙන වැඩ කන්දරාවක්
තිබුණ හින්දත්
අනුවගේ මේ 
සූදානම හැටන් පැත්තේ කරක් ගහන්ට
ආරම්ඹයේම උනා 
අනුවට මරු වැඩක් 
මේන් මෙහෙමයි උනේ
නුවරදි මට ඉස්සරහා ඉඳගත්තා
සුදු නෝනා කෙනෙක්
මයේ හිතේ ප්‍රංශ කාරියක්
Train එක පොඩ්ඩක් ගස්සලා පද්දලා 
අද්දනකොට 
මේන් මේ කෙල්ල
Oophs කියාගෙන බය උනා
අපේ අර සිංහල කමටද කොහෙදෝ
මට බකස් ගාලා හිනා ගියා
ඒක දැකපු ඒ සුදු අක්කත් 
හිනා වෙනවා
හම්මා ඇති යන්තම් 
ඉංගිරීසියෙන් බැනුම් අහන්නේ නැතුව
දෙන්නට දෙන්නා ශේප් උනා
ටික දුරක් යනකම් ඉතිං 
අර වෙච්ච සිදුවීම හේතුකොටගෙන
දෙන්නා හිනා වෙනවා 
හැබැයි නෝ කතා
කෝමින් හරි කොහෙන් හරි 
සුදු අක්කා බහින්න නැගිට්ටා
එයා මොකද්දෝ කියනකොට 
මාත් ඉතිං reply එකක් විදියට කිව්වා
Okey, bye, be safe on your journey 
කියලා
එයා ආයෙමත් කිව්වා 
Okey baa bye කියලා
ඈ... ඒ මොකද්ද බං උනේ
අඩේ පස්සෙනේ මීටර් උනේ
සුද්දි මට කලින් කිව්වේ 
" මං බහිනවා " කියලනේ 
මට ඇහුනේ bye, bye කියනවා
එක්කෝ අනුවට සිංහල බෑ
නැත්තම් සුද්දිට ඉංගිරීසී බෑ


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.