Ads Top

අනුවගේ හැපී බර්ත්ඩේ එක


අනුවගේ හැපී බර්ත්ඩේ එක 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඕන් ඉතිං හා හා පුරා කියලා අනූ පෙර්රා කියන චරිතේ තවත් අවුරුද්දකින් වයසට ගියාලු. ඉතිං අපිට මොකද කියලා උඹලට හිතෙන්නත් පුළුවන්. කමක් නෑ කට පියාගෙන හොඳ ළමයි වගේ අහගෙන හිටහන් අනුවා කියන දේවල් ටික. 

වහන් කරගෙන කතා කරන්ට ඕනේ නෑ දැන් අනුවට විසි තුනක් (23) වෙනවලු. හම්මා බඳින වයසත් ලං වෙලා කියලා මගේ කට කහන යාළුවෝ ටික අද කිව්වා. අම්මපා සුබ උපන්දිනයක් කියන්ට කලින් ඕවා කියනවද මං අහන්නේ. ඈ ? ඕවා මහ කරදර වැඩ. අනික අනුවගේ ටාගට් එකට යනකම් ඕවා අනුවට පෑහෙන දේවල් නෙවෙයි. 

හරි, කෝමෙන් හරි අද (2016. මාර්තු. 06 ) කියන දවසට ඇස් අරිනකොටම මට දැනුනා මේ ගෙවෙන්න හදන්නේ පරිණත වෙන අවුරුද්ද ද කියලා. වගකීම් ටිකක් කරට අරගෙන වැඩ කරන්නත් වෙයි කියලා හිතුණා. හැබැයි ඉතිං ඕවා වෙන දේවල් නම් නෙවෙයි කියලත් හිතුණා. මොකද අනුවා කියන්නේ තැනෙ හැටියට ඇණේ ගහන කෙනෙක් නෙවැ. උපරිම පිස්සු නටන්නත් පුළුවන්. උපරිම සීරියස් වෙන්නත් පුළුවන්. 

සහ ලොකුවටම අනුවට දැනුණේ මිනිස්සුන්ගේ වෙනස් වීම. ගිය අවුරුද්දේ ළඟම හිටපු ඈයෝ, ඒ කියන්නේ අනුවා බොක්ක බදාගෙන හිටපු ඈයෝ අද පිටස්තරයෝ වෙලා. පිටස්තරයෝ කියලා හිතාගෙන හිටපු උන් ටිකක් ළඟම ඈයෝ වෙලා. එසේ නම් මේ කාලය මැවූ වෙනසක අරුමේ, නොවේද ? ඔන්න ඕකයි තත්වේ. අනුවට කිසිම අවුලකුත් නෑ. කිසිම තරහකුත් නෑ. මොකද මේ වෙනස්වෙන ලෝකේ ඕවා සාමාන්‍ය දේවල් කියලා හිත හදාගන්න අනුවට පුළුවන්. 

ඒයි, අනූ පෙරේරා මං උඹට කියන්නේ, කිසි අවුලක් තියාගන්න එපා උඹ තව අවුරුදු දෙක තුනකින් සුපිරි වැඩ්ඩේක් වෙනවා. එතකං උඹට සුබ උපන්දිනයක් සුදෝ. 

- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.