Ads Top

මිනිසත්කමේ ප්‍රතිවිපාක


මිනිසත්කමේ ප්‍රතිවිපාක

සිත්තම් මායා | අනූ පෙරේරා

මේ සෙනසුරාදාවකි

බොහෝ උදවියගේ
Half day දිනයයි
එබැවින් රැජිනට 
අධි ඉල්ලුමක් පවතී
දහසක සෙනඟ අතරින්
ඔලුව යොමාගෙන 
මමත් උන්නේ 
ආදරණීය රැජිණ 
කොටුව පදික වේදිකාව
සිපගන්නා තුරුයි
මාතර සිට කොටුව බලා ඇදුන 
සීමිත මගීන් කිහිපදෙනෙකු
බසින්නට පෙර 
ඇතුලත දෙවැනි පංතියේ අසුනක් 
මාගේ කර පුරා එතුනු 
බෑග් තුනෙන්ම 
වෙන් කරගත්තේ 
හිටගෙන යන්නට සිත පොඩියක්වත්
කැමැති නොවූ නිසා
මෙන්ම
ඇඟිල්ලක ආබාධ 
නොමනාව දැනුනු නිසාමයි
ඕනෑම අවස්ථවක 
මා ඉඳගන්නා අසුන 
පරිත්‍යාග කොට ඇති මට 
අද දිනයේ පෙර පිනකවත් 
මහිම ලැබුවේ නැත

යකෝ මට පිං එපා

කසාද බැඳපු එකා වගේ 
පණ ඇරගෙන ලව් කරන
ලැප් එක 
මේ මුසල ගෑනියෙක්
බිමට අත ඇරලා දාපු එකනේ
දුක
දුක ? අම්මපා මට එන කේන්තියට 
මේකිව මෙතන මරලා දාන්න උනත් පුලුවන්


- අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.