Ads Top

Sathuta II


Sathuta II 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අනුවා අද කරන්න හිතපු දේ නම් කරගන්න උනේ නෑ. කෑගල්ල පැත්තේ අඳ ගොළු බිහිරි ළමා නිවාසෙකට යන්නයි සැලසුම තිබුණේ. කොයි කාටවත් කියන්න ගියේ නෑ. අනුවා හොඳට අඳුරන අංකල් කෙනෙක් එක්ක වැඩේට එන්ටර් වෙන්නයි හිටියේ. හැබැයි කොහේදෝ මුස්පේන්තු කමකට ඒ වැඩේ සාර්ථක කරගන්න බැරි උනා, අද දවසට විතරක්. 

හැබැයි ඉතිං ඔයාලා දන්නවනේ අනුවගේ හැටි. හකුරු නැත්තම් සීනි ටිකක් හරි කටේ දාගෙන මිසක් පස්ස බලන්නේ නෑනේ මේ අනුවා. ඒ හින්දා කැරකිලා ආයෙමත් ගියා ගෙවල් අහල පහළ තියෙන පිරිමි ළමා නිවාසෙට. කොල්ලෝ කුරුට්ටෝ 20ක් 25ක් විතර ඉන්න ළමා නිවසේ අද හවස් වරුවේ හිටියේ කොල්ලෝ පස් හය දෙනෙක් විතරයි. සමහරක් ඉස්කෝලේ ලු. මේ දවස් වල නිවාසාන්තර තරඟ තියෙනවනේ. සමහරක් රස්සා කරනවලු. ඒ අතරේ එකම එක පුංචි කොල්ලෙක් අලුතෙන් ආවලු. 

අනුවගේ පපුව පිච්චිලා උණුවෙලා ගියා පොඩි එකාව දකිද්දී. උගේ අම්මගේ ඉඳන් අනුවට හොඳ හොඳ වචන මතක් උනා. හැබැයි දරු දුක පරයා ආවේගය පිට උනේ නම් නෑ. 

කොහොමින් හරි අනුවා පොඩි උන් සැට් එකත් එක්ක බඩ පැලෙන්න හිනා වෙලා එහෙම ආයේ ගෙදරට සේන්දු උනේ හිතේ පුංචි දුකක් තියාගෙන. අම්මපා අනුවට සල්ලි නාන්න තිබුණා නම් මෙහෙම නෙවෙයි බං මේ වගේ උන්ට උදව් කරන්නේ. කමක් නෑ තියෙන හැටියට නෙවෑ කරන්නේ. 

සල්ලි වැඩි වගේ හිතෙනවා නම් රුපියලක් දෙකක් මේ පල්ලෙහා තියෙන Juniors Foundation Account එකට එවන්ට. පිං ඇති උඹලගේ සල්ලි, සල්ලි විදියට මේ පොඩි උන්ට වටින්නේ නැති වෙයි හැබැයි ඒ සල්ලි වලින් ගන්න සෙල්ලම් බඩුවක් උන්ට වටීවි. 

Juniors Foundation
280 2 001 7 0038837 
මහජන බැංකුව 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.