Ads Top

ප්‍රේමයේ ගිනිසිළු


ප්‍රේමයේ ගිනිසිළු 

සිත්තම් මායා | අනූ පෙරේරා 

2016.03.12
09.10 am
අතුරුගිරිය බස් රථයේදී 

මෙතරම් රාගයක් 
කාගෙන් උරුම වූවාද 
තාරුණ්‍යයේ හැඟීම් දැනීම් 
මමත් නොදන්නවා නොවෙයි 
නමුත් 
සහෝදරිය 
ලජ්ජාව ගෙතෙන්නේ 
නුඹ වටා පමණි 
ඔහුට තවත් කෙල්ලක 
සමඟ රැඳීම nothing 
නුඹ හිතපන් 
නුඹේ ගෞරවය 
ගැහැණියකගේ වටිනාකම 
දෙපා මුල දමා 
ජීවත් වන්නට එපා 
නුඹට පණ ඇරගෙන 
කිස් කරන ඔහුම 
දිනෙක නුඹට වේසිය යැයි කියාවී 
පෙරදින අතුරුගිරියට යන මට 
බස් ටිකට් එක පෙරදැරිව 
නොමිලයේම නරඹන්නට 
වැඩිහිටි චිත්තර පටයක 
අවස්ථාව ලැබුනාදෝ 
නුඹේ සිත නොවෙයි 
මගේ සිත දෝලනය වෙයි 
මගේ ගතට ලජ්ජාව දැනෙයි 
ස්ත්‍රියක් වූ කමට 

- අනූ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.