ලජ්ජාව පු* අස්සේ


ලජ්ජාව පු* අස්සේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ගොඩ යන්න කිසි එකෙක් උදව් කරන්නේ නෑ බ්‍රෝ 
එහෙව් යුගයක 
වචනෙකින් හරි උදව් කරන්න 
ගොඩ යවන්න 
එකෙක් ඉදිරිපත් වෙනවා නම් 
ඌ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි 
ඌ දෙයියෙක් 
අනුවගේ තියෙනවා පොඩි දුර්වලතාවයක් 
පොඩි නෙවෙයි ලොකු එකක් 
බඩ බදාගෙන ඕනෑම එකෙකුට කරනවා 
එහෙම කරලා කෙලව ගන්න තැන් බෝමයි 
ඒ දේවල් වචනෙන් විස්තර කරන්න පවා අමාරුයි 
හැබැයි අනුවා 
මේ දවස් වල හදනවා 
පොඩි ලිස්ට් එකක් 
පොඩි නෙවෙයි බ්ලැක් එකක් 
බ්ලැක් ලිස්ට් එකක් 
කෙලවපු යාළුවන් ව මතක තියාගන්න 
තවුසන්ඩ් ටෝක්ස් දීලා 
අන්තිමේට උදව්වක් ඉල්ලුවම 
ලෙස්සන හැතිකරේ මතක තියාගන්න 
වැඩේ නැගලා යනවා 
අනුවට ටින් ටින් ගාලා දැන් මීටර් වෙනවා 
එහෙම වල කපලා 
ලජ්ජාව පු* අස්සේ ගහගෙන 
ආයෙමත් 
අනුවගේ කකුල් පතුලටම ආපු සිදුවීමක් මත තමයි 
මේ මායා කෑල්ල ලියන්ට හිතුවේ 
කවුද කින්ද මන්ද නම් කියන්ට බැරිය 
මොකද තාමත් අනුවා 
ඒ මිනිස්සුන්ට අනුකම්පා කරන නිසා 

- අනුවා 

Share on Google Plus

About Anu Perera

Anu Perera is an Author by publishing her first novel "HIKO". Anu has written more than 70 of articles to Siththam Maya Blog and has shown her colors to the readers. Some of Her articles smell radicality while giving a message to the whole society.
Post a Comment