Ads Top

ආශා | The Taste


ආශා | The Taste 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අපි හැමදාම කරන්නේ අඬන එක 
ලද දෙයින් කිසිම විටෙක සතුටක් නෑ 
අපිට නොලැබෙන දේකට 
හැම මොහොතකදීම අපි පෙම් කරනවා 
ලැබෙනකම් පෙම් කරනවා 
අසීමිතව පෙම් කරනවා 
ඒත් ඒක අපිට ලැබුණ දවසක ?
කිසිම විටෙක සෑහීමක් නෑ 
ඊටත් පස්සේ 
ඊටත් එහා ගිය දේකට 
පෙම් බඳිනවා 
එසේ නම් බුදුන් වහන්සේගේ 
දේශනාවන් සනාතයි 
අපි තවමත් 
පෘතග්ජනයෝ 
තවමත් හැඟීම් දැනීම් 
දැනෙනවා අපිට 
ආශාව මර්ධනය වී නැත අපගේ 
කෙසේ නම් අපි මේ සසර 
හමාර කරන්නද 
යළිත් වඩින්න හැකි නම් 
ඔබට බුදු පියාණෙනි 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.