Ads Top

වතුරේ ගැම්ම - Water Power


වතුරේ ගැම්ම - Water Power

සිත්තම් මායා | අනූ පෙරේරා 

හම්මේ දැනෙන පිපාසය 
දිව ගිලෙන්ට වාගේ 
කොහෙද ලංකාවට උෂ්නෙ කාලෙනේ මේ 
විස්ස විද්‍යාලේ වැඩකට 
කොලොම්පුරේ 
තැන් කිහිපයකටම 
අනුවට කරක් ගහන්ට උනා 
හම්මේ දැනෙන පිපාසය 
බොන්න ඕනෑ මොනාහරි 
අනුවා ගොඩ වැදුනා සයිවර් කඩේකට 
බඩගින්නකට එහා ගිය තිබහක් තිබුණ නිසා 
අංකල් දෙන්නකෝ කොකාකෝලා එකක් 
අනුවා ඉල්ලුවා 
අනුවගේ යාළුවෝ හරි හරියට බනිනවා 
මේ කොකාකෝලා ඇබ්බැහිවිල්ලට 
යකඩෝ තිබහා ගියේ නෑ කියපල්ලකෝ 
තව එකක් ඉල්ලන්නත් ලැජ්ජයි වගේ 
ගියා වෙන කඩේකට 
බිව්වා introducing බීම එක 
අර DEW කියලා අලුතෙන් ආවේ 
ආන් ඒක 
ටිකක් ශේප් 
වැඩ ටිකට හිර උනාපැය දෙකක් විතර 
ඔන්න ආයෙමත් තිබහයි 
මල පැන්නෙම 
වතුර බෝතලේ පුරවගෙන ගෙදර දාලා ආපු එකට 
කමක් නෑ තව මොනා හරි බොනවා 
මේ පාර මොකද්ද හොඳ 
අහ්හ් හයිලන්ඩ් එකක් හොඳයි 
ඇඟටත් හොඳයි හිතටත් හොඳයි නෙහ් 
අර පැණි රහට මේ තිබහ යන්නෙම නෑනේ 
උනනවා වාගේ 
මේ මඟුල හරියන්නේ නෑ 
බොමුද සීතල වතුර වීදුරුවක් කියලා 
ගත්තා රුපියල් 50 ක් දීලා 
වතුර බෝතලයක් 
බෝතල් කට කිස් කරගෙනම 
එක හුස්මට 
වතුර බෝතලෙන් භාගයක් ඉවර කළා 
හම්මේ දැනෙන සනීපේ 
හරියට දිවය ලෝකේ ගියා වගේ 
වතුර තරම් ගැම්මක් තියෙන වෙන බීමක් නෑ ආයේ 
ඒ හින්දා හොඳ ළමයි වගේ 
අද ඉඳන් 
තියෙන ගස් එහෙම ඔක්කොම කපාගෙන 
තම තමන්ගේ අනාගතේ හදාගන්න ඕනෑ 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.