Ads Top

යාළු මාළුවෝයි නෑයෝ වේයෝයි


යාළු මාළුවෝයි නෑයෝ වේයෝයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ජීවත් වෙන කාලය තුලදී අපිට වැඩි හරියක් ජීවත් වෙන්න වෙන්නේ මෙන්න මේ යාළු මාළුවෝයි නෑයෝ වේයෝයි එක්ක. අපි පුදුම මොරාල් අප් එකකින් තමයි මෙයාලා එක්ක ජීවත් වෙන්නේ. මොකද ජීවිතේට ඕනෑම ගැටළුවකදී පිටිපස්සෙන් ඉන්නේ මෙන්න මේ දෙගොල්ලෝ ( දෙමව්පියන් ගැන අමුතුවෙන් කියන්නට ඕනේ නෑනේ ) හැබැයි මේ ඉන්න උන්දලගෙනුත් කීයෙන් කීදෙනාද අපිට ඉන්නේ කියන එක සොයා බැලිය යුතු කාරණාවක්. 

අපේ ජීවිත " කටින් " ගොඩදාන මිනිස්සු නම් මේ ලෝකේ අනන්ත අපිට මුණ ගැහෙනවනේ. හැබැයි ඇත්තටම අපේ ජිවත ගොඩ දාන්න මහන්සි වෙන්නේ කවුද කියලා මම මේ ලඟකදී දැන අඳුන ගත්තා. උඹලටත් ඒ උදවියව මුණගස්සන්න සලස්වන්නම්කො ළඟදීම. හැබැයි මම මේ කිව්වේ අපිත් මහන්සි වෙන අතරේ උදව් කරන කස්ටියක් ගැන නැත්තම් නිකං මුස්පෙන්තුව ආරුඪ කරගත්ත එකෙක්ව ගොඩදාන්න කිසිම උවමනාවක් කිසිම කෙනෙකුට නෑනේ. 

" උඹ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති " කියන බහුතරයක් අතරේ කීයෙන් කීදෙනාද ඇත්තටම " මැරියන් " කිව්වොත් මැරෙන්න ලෑස්ති. වෙන එකක් තියා උදේ හවා බොක්කේ ෆිට් එක වගේ තියාගෙන තමන්ගේ වැඩ ඔක්කොම පාඩු කරගෙන උදව් කරන යාළුවගෙන් හදිස්සියකට අතමාරුවක් කරගන්න කොච්චර අමාරුද ? එතකොට උන් කියන හේතුත් අසාධාරණ නෑ. මොකද උන් ඒ තරම් ලස්සනට අපිව අවශ්‍ය තැනදී මග ඇරලා පසේ යාළුකම ගොඩනගා ගන්නවා. 

අන්න ඒ යාළුවො කොටින්ම නෑදෑයෝ කවුද කියන එක අඳුර ගන්න හෙනම අමාරුයි. මොකද කාලා බලලාවත් අඳුරගන්න බැරි එකම සතා මිනිස් සතා කියනවනේ. හැබැයි වැඩේ අමාරු නෑ. පුළුවන්. ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඊළඟ සිත්තම් මායාවක ලියන්නම්කො කවුද ඒ උත්තමයෝ කියලා. 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.