Ads Top

ලවණ සිහිල


ලවණ සිහිල

සිත්තම් මායා | අනූ පෙරේරා

අන් කවරදාටත් වැඩියෙන්
මට ජිවිතේ පිලිබඳව 
ගැඹුරු බවක් දැනෙයි
ඒ මාගේ දෙනෙත් 
විඳින්නට වඩාත් කැමති 
තැනක මම සිටින නිසයි 
එසේ නම් මේ මා සිටින්නේ කොහිද
ඔබ මා ප්‍රිය කරනා 
සුන්දර වෙරළ තීරයේ
ගල් පොත්තක් උඩ
ලවණ මිශ්‍රිත සුළන්
ආග්‍රහණය කරමින්
මා කැමතිම ගීයක රසය විඳිමින්
මාගේ සිතේ දහසක ගැටළු 
අමතක කරවූ
සයුරු දෙවිඳුනි
ඔබට ආයු බොහෝ වේවා
මට මෙන් 
නේක දහස් සිත් නිවාලන්නට


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.