Ads Top

Blood Heart of ANU - අනුවගේ ලේ හදවත


Blood Heart of ANU - අනුවගේ ලේ හදවත 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සිත චංචලයි 
කාර්යබහුලත්වයේ උපරිමය
කරපින්නාගෙන ජීවිත ගැටුම් කිහිපයකින් 
මැනගත්තෙමි 
මාගේ ධෛර්යවන්ත බව 
අඩු කරන්නට මුල පිරුවත් එය 
හඳුනාගත්තෙමි 
එසේ නම්
වෙමි මම නිහඬ  
ලෝකයට ඔවුන්ගේ 
අදිටන් කරගත්තෙමි 
වැඩ කිරීමට
උරෙනුර ගැටෙන්නවුන් සමඟ 
මා හා; 
රෙස්ට් එකට 
කම්මැලි කමේ 
අදින් පසු 
එපා ගොඩවන්න කිසිවෙකු 
මාගේ වටිනා ජීවිතයට 
තවත් දුහුවිල්ලක් පමණි ඔබ 
සමාව දීමේ ගතිය දේවද ?
මම නොදනිමි 
මන්ද 
අදින් පසුව 
ම වෙනුවෙන් කරන්නා වූ 
වරදකාරී සිදුවීම් වලට් 
සමාවක් නැත 
මාගේ ලේ පිරුණු 
ගල් හදවතින් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.