Ads Top

ඒකයි මනුස්සකම


ඒකයි මනුස්සකම 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අතේ සතේ නැති බස් රියදුරා නුඹ 
නාහෙට නොහනා බස් රියදුරා නුඹ 
නමුදු 
දුටුවෙමි නුඹේ මිනිසත්කම 
හයි ෆයි
කාර් බාර් 
වලින් යන
සල්ලිකාර මිනිසුන්ට වැඩියෙන් 
එය එක්තරා කාර්යබහුල දිනයකි 
බත්තරමුල්ල බස් නැවතුමෙන් 
මා එම බස් රථයට ගොඩ වූවේ 
නිවෙස බලා ඇදෙන්නටයි 
කීයට ගෙදර යන්ට වේදෝ යන 
සෘණාත්මක හැඟීමෙන් 
මමත් රථයේ එක්තරා අසුනක 
අනෙක් මිනිසුන් මෙන්ම කල්පනාවේ 
නිමග්නව සිටියෙමි 
කල්පනාව බිඳිමින් මා හට අසුනේ 
බස් රථයට බොහෝ පිටුපසින් 
ගිලන් රථයක නාදයයි
ගිලන් රථයේ ඉන්නේ කවුද කින්ද මන්ද 
මා කිසිවක් නොදනී 
නමුත් ඒ නාදය මා ඇඟ හිරි පුබුදවාලන්නට සමත් විය 
මියැදෙන්නට පණ ඉල්ලන 
අන්ත අසරණ මානවයෙකුගේ 
අදෝනාවයි ඒ 
කෙසේ හෝ බොහෝ වෙලාවකට පසු 
එය බස් රථය අසල නැවතිය 
බස් රථයට කිසිඳු බිම් අඟලක් නැත 
ඉඩක් ගන්නට 
නමුත් රියදුරුගේ හදවතේ මිනිසත්කම 
ඉඩ මවනු මම දුටුමි 
ඉඩ මවනු මම දුටිමි 
නන්නාදුනන මිනිසෙකුගේ අවසන් හුස්මට 
රුකුලක් වනු මම දුටිමි 
එයයි මා සිතනා මිනිසත්කම 
එයයි මා පතනා මිනිසත්කම 

#අනුවා @බත්තරමුල්ල 

Siththam Maya | Anu Perera. Powered by Blogger.