Ads Top

මා කවුද ? - Who Am I ?


මා කවුද ? - Who Am I ?

සිත්තම් මායා | අනූ පෙරේරා 

මා කවුද ?
මිහිපිට තවත් එක් පෘතග්ජන මානවයෙකි 
හැඟීම් දැනීම් ඇත 
සිනහව තරහව අතරේ සිරවෙමින් ඇත 
මට මා හඳුනා ගත නොහැක 
මන්ද මා ගතානුගතික බැවින් 
එසේ නම් නුඹ කවුරුන්ද ?
නුඹේ අසවල් අඩුව ඇත 
නුඹේ අසවල් අගුණ ඇත 
විනිශ්වය කරන්නට මා කවුරුන්ද ?
සමස්ථ සමාජයක පාඩම එයයි 
ගතානුගතික මිනිසා 
තවත් මිනිසෙකුගේ 
විනිශ්වයට පාත්‍ර වන්නේ නැත 
ඔහුට අණ ලැබෙන එකම මහාධිකරණයයි 
ඒ සොබාව ධර්මයාගේ නීතියයි 
එසේ නම් 
කටයුතු කළ යුතු වන්නේ 
සමාජයකට පෙනෙන්නට නොවෙයි 
තමන්ගේ හදවතට අවංකවයි 
නුඹේ රැස් වළල්ල නුඹ සාදා ගන්න 
කිසිවෙකු එය නොසාදාවී 
තමන්ගේ සිතට තමන් අවංක වන්න 
සමාජයක් නුඹව හරසරින් පිළිගනීවි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.