Ads Top

Answer Paper - පිළිතුරු පත්‍රය


Answer Paper - පිළිතුරු පත්‍රය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සැමවිටම මම මේ සොබාව සෞන්දර්යයට ලැදියි 
මා විශ්වාස කරන දෙයක් නම් 
ජීවිතයම ගැටළුවක් වනවිට 
මේ විශ්වයම " පිළිතුරු " පත්‍රයකි 
එහි අපි පිළිතුරු සෙවිය යුතුය 
උත්සාහවන්තයා විනා 
අන් කවුරුද ලොව ජයගත්තේ ?
අභිප්‍රේරණය වූවාටම මදි 
ලොවක් හා උරෙන් උර ගැටිය යුතුමයි 
අසාර්ථක ජයග්‍රහණයක් ලැබිය යුතුමයි 
වැටෙන්නට අවශ්‍යමයි 
දඬුවම් ලැබිය යුතුමයි 
දිනෙක ලෝකයා ඉදිරියේ 
ප්‍රණාම ලබන්නට අවශ්‍ය නම් 
ගැසූ ගැසූ පොලු පහර 
අඹ පොකුරටම නොවදිවී 
නමුත් දිගටම පහර දෙන්න 
ඉවක් බවක් නැතුව පහර දෙන්න 
අඹ අත්තට 
නුඹට ඕනෑ දේ ලබාගන්නට 
සැමවිටම නුඹව විශ්වාස කරන්න, 
දහසක් දෙනා කියන මුසාවට වැඩියෙන් 
ආශ්‍රය කරන්න, 
නුඹේ හීන වලට යන්න පුළුවන් මිනිසුන්ව 
නුඹ දිනාවි 
නෑ ...
නුඹව දිනවාවී 
නුඹ ආශ්‍රය කරන 
" ගැළපෙන " මිනිසුන් 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.