Ads Top

සිහිනයට ජය


සිහිනයට ජය

සිත්තම් මායා | කීර්ති වික්‍රමරත්න

ඔබේ සිතුවිලි,
සිහින හා ක්‍රියාකාරකම් වෙනුවෙන්
අවකාශයක් තනාදෙන්න.
ඔවුන්ගේ මිත්‍රයන් වන්න.
නිතරම ඔවුන් ඇසුරු කරන්න.
එය සැබෑවූ කල
කෙසේ වේදැයි සිතන්න.
ඔබට සහ අන් අයට
එහි ඵලයන් ලැබෙන අයුරු සිතන්න
ඔබට නොමැති දේ
නොහැකියාවන් වලට එදිරි වී
හැකියාවන් වලට මාර්ගය සකසන්න.
ඔබේ සිහින කරා යාමට,
යතාර්ථවාදී ක්‍රම සහ
කළ හැකි දේ ගැන කල්පනා කරන්න.
එක් එක් දිනවල
ඔබට සිහින වෙනුවෙන් කලහැකි
කුඩා දේවල් ක්‍රියාත්මක කරන්න.
විශාල වෙනසක් වන දේ ගැන
පසුව ඉලක්ක ගතවන්න.
දැඩි අධිෂ්ඨානයක් කැපවීමක් නොමැතිව
හිරු එළියෙන් දේදුන්නක් මත හිඳ
අප පය ගසා සිටින මායාකාරී ලෝකය
ජය ගත නොහැක.
ඇති විය හැකි
හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල ගැන සිතමින්
මතු ඕනෑම ප්‍රතිචාරයක් දරා ගත හැකි ලෙස
සිත පිහිටුවා ගත්විට
ඔබ ඔබේ සිහින එලිදැක්වීමට සූදානම්ය.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි . . .


# කීර්ති

Siththam Maya | Anu Perera. Powered by Blogger.