Ads Top

The Anu Perera


The Anu Perera 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මං, 
නිදහස් කිරිල්ලියක් 
මං, 
කැමති නෑ කවුරුත් මාව ලිමිට් කරනවට 
කාටවත් එහෙම කරන්නත් බෑ 
අඩුගානේ 
මට මේ ලෝකේ කියා දුන්න 
අම්මට තාත්තටවත් 
හැබැයි 
මං, 
නරක දේවල් කරන්නෙත් නෑ 
ඒකයි එයාලා අදටත් 
මගේ තීරණ විශ්වාස කරන්නේ 
මගේ ගමන 
මම යනවා 
මගේ පාඩුවේ 
උඹලට 
මං 
ඉරිසියා කරන්නේ නෑ 
උඹලගේ 
ගමන නවත්තන්නෙත් නෑ 
ඒනිසා 
උඹලගේ දේවල් උඹලා කරගනිල්ලා 
උඹලගේ පාඩුවේ 
මට වාත වෙන්නේ නැතුව 
අද 
ඇඟිල්ලක් හරි 
මේ අනුවට දික් උනා නම් 
ලෑස්තියි වෙන්න 
ළඟදීම දවසක 
ඇඟිලි ටිකම දිග ඇරලා 
අනුවා වෙනුවෙන් 
අත්පුඩි ගහන්න 
නැත්තම් සෙට් වෙන්න 
මාත් එක්කම වැඩ කරන්න 
හැබැයි ටිකක් අමාරු වෙයි 
මං 
වැඩ කරන විදිය වෙනස් 
වැඩ කරන තාලේ වෙනස් 
ඒකට සෙට් නම් 
එන්න අපි වැඩ කරමු 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.