Ads Top

මම මේ ට්‍රයි කරනවා


මම මේ ට්‍රයි කරනවා

මම මේ ට්‍රයි කරනවා | අනූ පෙරේරා

මම මේ ට්‍රයි කරනවා
මගේ කැළඹුන හිත
එක්තැන් කරගන්ට
අම්මපා කෝ මේ හිත
මේ මෙතනමයි තිබුණේ
දැන් නෑ
GPS අවශ්‍යයි වගේ
නැතිවෙන හිත හොයාගන්න
ඒ හින්දම
වචන ඉවර වෙලා
අළුතෙන් හිතන්න වෙයි වගේ
අළුත් වචන සෙට් එකක් එක්ක
බහින්න වෙයි වගේ
සිත්තම් මායාවට
නැත්තම්
කැළඹුන හිත
එක්තැන් කරගන්න වෙයි
බලමුකෝ
මම මේ ට්‍රයි කරනවා
ගිලුන වචන ටිකක් ගොඩ ගන්න
“ හච්චෝ.....න් ”
එකක් දෙකක් ආවා වගේ
බලමුකෝ
මම මේ ට්‍රයි කරනවා
අළුත් ස්ටයිල් එකකට
අළුත් වෙන්ට
බලමුකෝ
මම මේ ට්‍රයි කරනවා


#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.