Ads Top

මසක බාලවිය


මසක බාලවිය

මසක බාලවිය | අනූ පෙරේරා

පෘතුවියට මා ආගන්තුකයෙක් වූ දා පටන්
ටික කලක් යනතුරා
පෘතුවියට ගහන්න වෙනත් ග්‍රහලෝකයක් නොතිබූ හැඩයි
මා දුටු සුන්දරතම සත්වයා
මානවයා විය
ඔවුන් තරම් ආගන්තුක සත්කාර දන්නා
ඔවුන් තරම් මිනිසත්කම , කෙළෙහිගුණය ප්‍රගුණ කල  
අන් කිසිම ජීවියෙකු මා මින්පෙර මුණ ගැසී නොතිබුණි
මා මොවුන්ට පෙරළා ආදරය කළ යුතුයි
හිත කියයි
විකාරද උඹට
මස්තිකය කියයි
මේ ඇයි ?
දයාබර මානවයා
මා අදහන්නේ
මට වැඳුම් පිඳුම් කරන්නේ
ඔවුන් තරමට
මා වැදු මවවත් මට ආලය නොකරයි
සිත ආයෙම කියයි
මොන පිස්සුවක්ද මේ
කොහේදෝ ඉඳන් ආයෙම මස්තිකය කෑ ගායි
ප්‍රේමණීය මානවය
ඉඳින්
මගේ අත පය හයි වෙනතුරු
මා නුඹට සේවය කරන්නම්
“ අම්මේ ”
“ ම්ම්ම්.... ”
“ දෙපා සතා තරම් වෙන කිසිම සතෙකු උතුම් නෑ ”
“ හ්ම්ම්... හැබැයි පුතේ තාවකාලිකයි ”
“ ඇයි අම්මේ එහෙම කියන්නේ ”
මව නිහඬයි
සමහරවිට අම්මට ඉරිසියා ඇති


#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.