Ads Top

අනාගත සැමියා


 අනාගත සැමියා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

" විවාහය "
සහ මම අතර ඇති දුරස් බව 
කෙදිනක යාවේදෝ නොදැන 
සිතුවේ ඒ ඉරණම්කරුවා ගැනයි 
අම්මපා බැඳීම වදයක් නොවේද ? 
කසාදය ලිමිට් වීමක් නෙවෙයිද ?
" බැඳ ගත්තු බෙරේ ගහනවා ඉතිං "
බහුතර කසාද කරුවන්ගේ වැකිය නොවේද ?
ඉතිං දෙයියනේ හිත හදාගෙන උන් කෝමද කියන්නේ 
දැන් වයස හරි කොල්ලෙක් කාරිය හොයාගනින් කියලා 
කෝම නමුත් බැන්දා නොබැන්දා 
මම නම් සිද්ධාර්ථ කෙනෙකුන් සොයන්නේ නෑ 
මොකද මම යශෝදරාවක් නොවන නිසා 
හැබැයි 
අංක එකට පිළිවෙල තියෙන්ට ඕනා 
කොන්ද පණ තියෙන එකෙකු වෙන්නට ඕනා 
මං වෙනුවෙන් අපි වෙනුවෙන් 
දුක, සතුට කාගෙන එකට ඉන්ට ඕනා 
වැරැද්ද තමන්ගේ නම් නම්‍යශීලි ගතියෙන් 
සමාව ඉල්ලන්න පුළුවන් කොලිටිය තියෙන්ට ඕනා 
ෆන් එකකදී , අතිශය වැදගත් උත්සව සභාවක හැසිරෙන්ට 
මොළයක් තියෙන්ට ඕනා 
එකී මෙකි නොකී කෝලිටිස් ටිකක් තියෙන්ට ඕනා 
හැමදේම බ්ලොග් පිටුවක ලියන්නත් බෑනේ 
උන්දැට කියන්ට දෙයක් තියෙන්නත් එපායෑ 
මම කින්ඩි හිනාවක් දාගෙනම 
නින්දෙන් අවදි උනා 
" ලේසි වෙන එකක් නෑ " 
මං මටම කියාගත්තා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.