Ads Top

උදය දේවි ආදර කතාව - I කොටස - කොළ කැඳ අපරාදේ වෙයිද ?

Image result for hate alarm

උදය දේවි ආදර කතාව
I කොටස - කොළ කැඳ අපරාදේ වෙයිද ?

සිත්තම් මායා | අනූ පෙරේරා

2016 - 09 - 19

 දෙයියනේ කියලා අද උදේ රැයින් කොලොම්පුරේ ඉඳන් ගෙදර යන්ට මට වාසනාව පෑදුනා. හම්මේ සනීපේ.

අම්මගේ අතින් හදපු බත් කටක් කාලා, පොඩ්ඩක් හුරතල් වෙලා ඉන්ට තාමත් හිතේ කොනක පොඩි ආසාවක් නැතුව නෙවෙයි. පෙරදිනයේ වැඩ කටයුතු පාන්දර 12 ට විතර හමාර කරලා ගෙදර ගෙනියන්න බඩු මුට්ටු ටිකත් ලෑස්ති කරගෙනම දයාබර යහනට පෙම් කරන්න මුළ පුරන්නත් කලින්ම අහිංසක මට නින්ද ගිහින්. කමක් නෑ, කමක් නෑ, ඕක මහලොකුවට පුදුම වෙන්ට දෙයක් නෙවෙයි ඉතිං ටිකක් මහන්සි වෙලා ඇඳට ඇල උනාම ඒක ගඟ වෙලා, ගඟ මුහුද වෙලා, මුහුදට තවත් මොනවා හරි වෙන්ට තියෙනවා නම් ඒකත් වෙලා නවතින එක ගැන.

 සංතෝසේ කියන්නේ ඔහොම ඇල ගඟ වෙන්ට කළින් එලාම් එක තියාගත්ත එකයි. ඉතිං මං ෆුල් සැටිස් එකේ නිදි.

 " ඊ..... කෙහෙම්මල මෙච්චර ඉක්කනට 4 උනාද අප්පා :( "

 මම ෆෝන් කට්ට අතට අරන් එලාම් එක ඕෆ් කලේ තව විනාඩි 5ක් විතර නිදාගන්න හිත හදාගෙනමයි.

 " ඈ....... මොකක් ? "

 පුදුම වැඩේනේ. ෆෝන් එකේ වෙලාව 5  ට සටහන් වෙලා තියෙනවා ඇස් ඉස්සරහා

 " හෑ.... දැන් මොකද කරන්නේ ? යකඩෝ මේක උනේ කොහොමද "

 මතක විදියට මගේ ඇස් ගෙඩි දෙක සිවිලිමෙත් ඇනිලා බිමත් වැටිලා තමයි ආයෙත් අදාළ තැන් වලට රීප්ලේස් උනේ. 

පේන විදියට මට උනේ මහපොළව නුහුලන අපරාදයක් නෙවෑ. කෝම නමුත් මහ පාන්දර 6 ට කොටුව දුම්රිය ගාලෙන් අද්දන උදය දේවි, මගේ පෙම්බරයාගේ (පෙම්බරීද මන්ද ) කරමතින් යන්නට මගේ ඉරණමේ ලියවිය යුතුමයි.

නැත්තං වෙන්නේ ලෝක විනාසේ වගේ හුටපටයක් මොකද මේ.... අපේ අම්මා කොළ කැඳ වගයක් හදලා මං එනවා කිව්ව පාර. ඕක බීගන්න බැරි උනොත් ඉතිං  " ගුණ කෑම වල රඟේ " කියන මිසිස් පෙරේරා වෙච්චි මගේ මෑණියන්ගේ උපකාරක දේශන වලට අනිවාර්ය සහභාගී වීමක අපලය මට ගෙවන්නම වෙනවා.

 වෙලාව 5 යි , ලෑස්ති වෙලා කාරිය යන්නත් ඕනෑ 5. 55 වෙනකොටවත් කොටුවට. අම්මපා කොළ කැඳ අපරාදේ වෙයිද ?    ............

බලමු ඊළඟ කොටසෙන් මොකදෑ වෙන්නේ කියලා

#අනුවා
 
Siththam Maya | Anu Perera. Powered by Blogger.