Ads Top

අත හැරුණු තැන


අත හැරුණු තැන 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හැම කරදරේම එන්නේ 
තදින් අල්ලගෙන හිටියම 
අත හැරුණ තැන 
කිසිඳු දුකක් නැත 
කිසිඳු හිස් බවක් නැත 
මිනිසුන් අසම්පූර්ණයි 
සොබා දහම සම්පූර්ණයි 
නමුදු 
සොබා දහම 
ඔබට මට 
එක විදියයි 
වෙනසක් නැත 
අප කොපමණ ලැබිය යුතු බව 
තීරණය කරන්නේ අපමයි 
එයත් අත හැරුණු තැන 
ඇත්තේ සැනසීමයි 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.