Ads Top


ෂෙ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒකිගේ කට වාචාලයි 
තාමත් ඉස්සර වගේමයි 
මගේ කියලත් මහා ලොකු වෙනසක් නෑ 
තාම ඒ වගේමයි 
පොඩ්ඩක්වත් වෙනස් නෑ 
මං හිතුවේ වෙනස් කියලා 
මට තාමත් සැකයි උගේ ලග්නේ මීන කියලා 
මට හිතෙන්නෙම කටක කියලා 
කෝම නමුත් 
AL කරත් හරි 
දැක්කෙම නෑ 
මූණු පොතේ නම් ඉන්නවා 
එක එක ෆොටෝ කෑලි දදා 
ඒ වගේද ලයිව් හම්බෙලා 
කන් අඩි පැලෙන්න 
දෙන්නට දෙන්නා කියව ගන්නකොට 
තියෙන ගතිය 
ඔය ෆෝන් කෑලි වලින් කතා කරලා 
ගන්ට බෑ ඉතිං  
හැබැයි ලොකු ෂුවර් එකකුත් නෑ 
මොකද කෙල්ල ඉංජිනේරුවරියක් නෙවැ 
ඉස්සර වගේම මොංගල් එකේ ඉන්නවද දන්නෙත් නෑ 
උඹව ඉක්මනටම මුණ ගැහෙන්ට ඕනෑ 
අවුරුදු ගානක දේවල් කතා කරන්න 
දවසක් ඇති වෙයිද මන්දා 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.