Ads Top

අපැහැදිලි දවස


අපැහැදිලි දවස 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අද මහ පුදුම දවසක් 
ලංකාවේ කෙළවරකට ගිහිං 
රෑ බෝ වෙන්ට කලින් 
ඉක්මනින් ගෙදර ආවා වගේ 
අමුතු අමුතු දේවල් ගොඩක් 
ජීවිතේට ආයේම ඇතුල් වෙන්නට 
මුර පදය අහනවා වගේ 
මේ කිසිම දේකට 
ඊයේ දවස 
කිසිම හාවක් හූවක් නැති ගානට 
හිටපු විදියට 
මම හිතුවෙම 
අදත් එක දවසක් වේවි කියලා 
තාමත් මට තේරෙන්නේ නෑ 
මං 
මේ...
සමාජ තලයේ පදම් වෙනවද 
නැත්තම් 
තාමත් 
ගෙදර හිටපු 
අම්මාගේ 
චූටි එකාද කියලා 
ඉදිරිය වෙනස් වේවි 
පැහැදිළිවම 
ඒත් 
අතීතේ 
තාමත් තේරුම් ගන්නට බැරි 
නිහැඬියාවක් 
ඉතිරි කොට හමාරයි 
" අනේ අම්මේ මාත් එක්කම ඉන්න "
වෙන මොනා පතන්නද 
හුරතලේට හැදිලා 
වෙනසට හැඩගැහෙන්න වෙනකොට   

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.