Ads Top

කැළණි කැම්පස් එකේ දවසක් I


කැළණි කැම්පස් එකේ දවසක් - I 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දැන් මෙහෙමයි, මෙතැන සභ්‍යත්වය , සදාචාරය එහෙම සුපිරියට තියෙනවද කියලා නම් දන්නේ නෑ, මං හිතන්නේ ඒක නැති තරම්. ඔය කතන බාසාවේ උනත් හෙන අමුතු කික් එකක් තියෙනවා. ඔළුව අවුල් කරගන්නේ නැතුව කියෝගෙන යන්න ශේප් එකේ. 

යාළුවෝ කියන විදියට මම කරන මඟුලකුත් නෑ. නොකරන මඟුලකුත් නැති තරම්. ඔව් එයාලගේ කතාවේ නැත්තකුත් නෑ. න්‍යායාත්මක දැනුම ඉගෙන ගන්න එක මග ඇරලා අනිත් හැම කෙහෙල්මලක්ම වගේ කරනවා.

" මට කියනවා , දැන් තමුසේ කැම්පස් එකේ මොන මොන සොසයිටි වලද ඉන්නේ ? " 

මේ ලඟදි මුණ ගැහුණ කැළණි කැම්පස් එකේ අවසන් වසර මගේ හොඳම යාළු අක්ක කෙනෙක්ගෙන් මං ඇහුවා. 

“ මොන සොසයිටිද ඕයි , අපිට එක්සෑම් ” 

ඌ උත්තර දුන්නා 

“ මොනාද අයිසේ , ආර්ට් කරන ළමයෙක් කතා කරන හැටිද මේ , අහ්හ් ? ” 

කින්ඩියට ලුණු දෙහිත් එකතු කරලා මූණටම කියලා දැම්මා. ( නෑ, මං අහන්නේ, මං කිව්වේ බොරුද (හොඳට කල්පනා කරලා බලන්න, මදි මදි.. තව තව ))

“ අනේ මෙහ්, මං විතරයි මට තියෙන ප්‍රශ්න තේරෙන්නේ ” 

ඌ ඇවිලෙන ගින්නට පිදුරු දමමින් නහයෙන් අඬන්න පටන් ගත්තා. ( ඔව් ඔව් , ඒ වාක්‍ය ගැලපෙන්නේ නෑ කියලා මටත් හිතුනා. )

“ හරි ඕයි ඉතිං .. ඔහොම තමා, ශේප් එකේ කරගෙන යන්න. මෙහෙමයි...... ” 

බ්ලාහ් බ්ලාහ් යනුවෙන් මම පිදුරු ටික අයින් කරලා ඇවිලෙන ගින්නට වතුර ටිකක් උණුවට වගේ දැම්මා. 

උගේ එක විෂයක මනෝ විද්‍යාව සම්බන්ධවත් තියෙනවා මතක හැටියට. ඔය කවුන්සිලින් එහෙම. කතාවේ හැටියට චරිත දෙක මාරු වෙලා. උගේ ඩිග්රි කට්ට ගැන මම උන්දැට කවුන්සිලින් කරනවා. 

“ මෙහ් නංගි, තමුසෙට පුළුවන්ද මට මේක ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න ”

“ කෝ.. දෙනවා බලන්න ”

“ මේන්හ් ”

පිටු දෙසීයේ පුලුස්කැප් පොතක් සයිස් කොළ පන්සීයක් විතර මගේ අත් දෙක උඩට දැම්මා. ( පිටු දෙසීයේ පුලුස්කැප් පොතේ කොළ පන්සීයක් තියෙනවා කියන එක මහා ලොකුවට හිතන්න දෙයක් නෑ. ඔව්වා සාමාන්‍ය දේවල්. )

“ යකඩෝ.... මේ මොන මාතෘකාවක්ද මේ.... ? ” 

මං උඩ බීම බලමින් අවසන් වසරේ ඇඩියාවට කිව්වේ මේවත් තෝරාගන්න මාතෘකාද කියලා අහන්න බැරි කමටම නෙවෙයි. ඒ යකා වචන පිට නොකරම “ ඇයි මොකෝ ? ” කියලා මුණේ ඉරියව් වලින්ම මගෙන් අහලා දැම්මා. 

“ මේවා මහපොළව උහුලන්නේ නැති මාතෘකා ඕයි. අනික මට කියනවා පොඩි ළමයෙක් අතට දෙන්න ඕනි ප්‍රොජෙක්ට් එකක්ද මේ මට දීලා තියෙන්නේ ”

( ඔව්, මට තේරෙනවා දැන් මේ ඔයාලත් කෙළ හල හල මාතෘකාව කියනකම් ඉන්නේ කියලා නෙහ්. අඩේ මෙව්වා තමයි මාර්කටින්ග් කියන්නේ. තේරෙනවනේ ඉතිං, අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ ගැන කියන්නේ ඊළඟ පාර්ට් එකෙන්. අපිත් ආසයි ඔයාලා දිගටම සැට් වෙලා ඉන්නවා නම් )

දීර්ඝ වෘතිමය ලිවිමකින් පසු තේරෙන්න ඇතිනේ ඊළඟ එක ලියන්නේ පසුවට කියලා. 

එහෙනං ජය වේවා කිව්වා කස්ටියටම !

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.