Ads Top

Trust Yourself


Trust Yourself 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ආන් ඒක තමයි කියන්නේ 
කිසිම වෙලාවක 
බලාපොරොත්තු 
නැති කරගන්ට එපා කියලා 
තමන් දැඩි විශ්වාසෙක ඉන්ට ඕනෑ 
තමන්ට ඕනෑ දේ වෙනුවෙන් 
රටේ නැති උන් 
නෑ... බෑ... 
කියාවි 
ඉතිං ?
බල්ලෝ බිරුවට 
කඳු පාත් වෙනවැයි ?
උඹට 
උඹේ හිත ෂුවර් නම් 
ආයේ මොන කෙහෙල්මල් ගැනද 
ලත වෙන්නේ 
උඹ එක මතේක ඉන්නවා නම් 
සක්කරයාටවත් බෑ 
උඹේ ගමන වෙනස් කරන්ට 
ආන් ඒක තමයි කියන්නේ 
කිසිම වෙලාවක 
බලාපොරොත්තු 
නැති කරගන්ට එපා කියලා 

#අනුවා  
Siththam Maya | Anu Perera. Powered by Blogger.