Ads Top

ආශාවරී


ආශාවරී 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මෑතකදී 
මහත් ආන්දෝලනයට පත් වූ වීඩියෝ පටයයි 
"ආශාවරී" 
ඉරාජ් නිෂ්පාදනය කළ  
නයනමදු ගේ හඬින් රසවත් කළ 
ඒ ගීතය 
ගැන සම්පූර්ණ විස්තරයක් දැන සිටි නමුත් 
වචන ටික අසන්නට ලැබුණේ අදය 
වීඩියෝ පටය නම් 
කුමන කුණුහරප ගොඩට අයත් වේද 
මම නොදනිමි 
එනමුත් ඒ පද පෙළ, 
ආශා කරන්නට පටන් ගතිමි 
ජනප්‍රිය ලැයිස්තුවේ 
අඬන දොඩන ගීත 
සියල්ල අභිබවා, 
දිස්ටි දිඩින් ගීත වල 
'ඒකි පට්ට බඩුව ' යැයි 
හෙළුවෙන් හංවඩු ගසනා විට 
එහි තිවුනේ 
' මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ '
යනුවෙනි 
පදපෙළේ සංයමයට 
මං හරි කැමතියි 
මිනිසුන් පිට ඔපේට කෑගසවී 
මේ කතා කරන්නේ පද පෙළ 
සහ 
සංගීතය ගැන පමණි  

" අශාවරී ඔබේ නම පවා 
 මියුරුයි කියා සිතුවත් එදා 
 අශාවරී ඔබ ඒ තරම් 
 වියරුයි කියා සිතන්න වත් බෑ මට මෙදා "

- ඉරාජ් ට කත් ඇදීමක් නොව 
 කැලුම් ශ්‍රීමාල් ට , නයනමදු ට සහ RedFox ට 
 කත් ඇදීමක් බව 
 කරුණාවෙන් සල + කන්න 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.