Ads Top

ඇයට ඇය මචං විය



ඇයට ඇය මචං විය

සිත්තම් මායා | අනූ පෙරේරා 

කිටි කිටියේ හිරකරගත්
ඔෆිස් කිට් තුන හතරකි
කටවල් කතුර මුවහත් කලාක් මෙනි 
මොරටු දුම්රියේ එක් තැනක් 
අයිතිකරගෙනම සිටිති
පෙර ආත්ම වල
ඝන්ඨාර පූජාව 
මැනවින් ප්‍රගුණ කර ඇත
මා ඔවුනට ඉස්සරහාය
තවත් මිත්‍රයෙක් සමඟය
කෙනෙකු ස්පන්චි උරයක්
එලියට ඇද්දාය
ඔෆිස් කිට් 
කපුටියන් විය
එක නිමේශයකට 
එකෙකුට එකෙන් 
මචං විය 
කොලු බාගම විය
විඩාකර ගමන 
හිනාවෙන් ගෙනයන්නෝය
එය බලා මෙය ලීවාය 

#අනුවා



Siththam Maya | Anu Perera. Powered by Blogger.