Ads Top

කොලොම්පුරයක සිතුවිලි


කොලොම්පුරයක සිතුවිලි 
2017/01/20 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කිසිඳු අරමුණක් නැතිව 
නිදහස් චතුරශ්‍රය ඉදිරියට වී 
නිදහසේ 
හිඳගෙන බර කල්පනාවක 
එනකල් යහළුවන් කිහිපදෙනෙකු 
සුපුරුදු පරිදි 
ඔවුන්ගේ ප්‍රමාදය 
අදටත් නොවෙනස්ව 
සුපුරුදු පරිදි 
වෙලාවටත් කලින් වැඩ කිරීමේ ගතිය 
මාගේ අදටත් නොවෙනස්ව 
අහසට වැජඹෙන 
බෞද්ධත්වය 
දිහා ඇසිපිය නොහෙලා 
බලාසිටියෙමි 
Zaalima ගීතය 
එක් කනකින් අසමින් 
මිතුරන් එනතුරු 
අවුඩි ආශ්වාදය මිශ්‍රව ආ සුළඟ 
තනිකම් කීතු කීතු කරමින් 
සිතෙන්නෙම 
මා මේ කොලොම්පුරේ තනි නෑ කියා 
දහසක් මිනිසුන් අතරේ නොව 
ට්‍රිලියන ගණනේ සිතුවිලි අතරේ 
අතිශය කාර්යබහුල වෙමි 
නිමේශයක් නිමේශයක් පාසා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.