Ads Top

විභාගය එලෙසින් නිමාවිය


විභාගය එලෙසින් නිමාවිය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

විභාගය 
පටන් ගත් මොහොතේ පටන් 
කන රැව් දුන්නේම 
අතිරේක කොළ ඉල්ලා 
මේසයට මොර දුන් 
පෑන් ගොරෑඩියාවයි 
පුදුමයට කරුණක් නොවෙමින් 
මා ලද පමණින් සතුටු විය 
එය 
තවත් එක් සිත නිවන කතාවක් ද විය 
මාගේ මුළු දැනුමම 
එක් පිළිතුරක් මත 
ජීවය පුද නොකළෙමි 
පිළිතුරු ගොනු කිරීමේදී 
සලාක ක්‍රමය භාවිත කළෙමි 
කෙසේ වෙතත් 
හැමූ සීත සුළඟ 
පිළිතුරු ලියමින් සිටි අතට 
කීවෙම, 
සිත්තම් මායාවට කුරුටු ගාපන් 
කියලමයි 
අසරණ මම කුමක් කරන්නද 
ක්ෂණයෙන් මෙය ලීවෙමි 
කොළඹ වැස්ස අතරින් 
ප්‍රසිද්ධියේ ලියූ මෙය නුදුටු 
හුරුබුහුටි ශාලා පාරික්ෂකවරියේ  
දෑස් කටේ ඔබාගත්තත් මදිය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.