Ads Top

කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - III


කැන්ඩියේ හෝරා දෙකක් විත් අනුවා, මිනෝ ඇන්ඩ් පැටී - III 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කටුගහේ නැග්ගත් 
ගැහැණු කටවල් යනු ගැහැණු කටවල්මය
එය සනාථ වූවේ දෙමටගොඩ හරියේදිය
මාගේ කකුල් පවා 
කොහි තිබුණාදැයි වගක්වත් නැත
සාමාන්‍ය මිනිසුන් හිඳින ඉරියව්වකින් 
කිසිඳු මිනිසෙක් සිටගෙන සිටියේ නැත
ඔව් 
එය දුස්කර බව සැබෑය 
එහෙමයි කියා කටවහගෙන යන්නට අවශ්‍ය නැති බව 
අපගේ මතයයි
ඉතිං අපි අපගේ සුපුරුදු ඕපාදූප බෑගය විවර කළෙමු
පැටී කිවු මොකද්දෝ කතාවකට
මිනෝ අක්කණ්ඩියගේ 
එකෝ දෙන සිනාව 
දසත පැතිරෙන්නට විය
ඇතම් අවස්ථා වලදී මා හට හිනා යන්නේ 
ඇගේ සද්ද අප් උන හිනාවටයි
හිනාවකට එච්චර වටයක් යන්නේ කිමද යන්න පවා 
මම කල්පනා කර ඇති මුත් 
පිළිතුරක් අද වනතුරුත් 
සොයාගන්නට මා සමත් වී නැත
ඔය අතරේදී 
වල් අලියෙක් මෙන් 
විසාල දේහ ලක්සන පෙන්නුම් කල 
සද්දන්ත කුලයේ මිනිසෙකු 
මිනෝලි අක්කාගේ පිටට මුක්කු ගසා තිබුණි
හෝව් හෝව්... 
එය වනාහී වලත්ත ක්‍රියාකාරකමක් නොවීය
ඔහුගේ පිට 
මිනෝලියාගේ මුලු සරුවාංගෙටම හේත්තුවක් කොට 
ඔහු සැපට නිදිය 
අපි ඇයට දිගින් දිගටම කීවේ 
එයත් එක්තරා 
සමාජ ක්‍රියාවක් බවය.............

ඉදිරියට 
#අනුවා #මිනෝ #පැටී

Siththam Maya | Anu Perera. Powered by Blogger.