Ads Top

Judge, after become Perfect


Judge, after become Perfect 

සිත්තම් මායා | අනූ පෙරේරා 

සමහර වෙලාවල් වලට 
අපට අහන්ඩ වෙනවා 
මිනිසුන්ගේ හතර බීරි කතා 
එයාලා පොලවේ හැපී හැපී කියන්නෙම 
එයාලගේ ප්‍රශ්න තමයි ප්‍රශ්න 
අපේ ප්‍රශ්නත් ප්‍රශ්නද කියලා 
සරලව කිව්වොත් 
අපිට තියෙන ප්‍රශ්න ඉතාම සුළු දේවල් 
සහ 
එයාලගේ ප්‍රශ්න මේ ලෝකේ කිසිම මිනිහෙකුට 
විඳවන්න වෙලා නැති දේවල් කියලා 
ඉතිං අම්මපා 
මනුස්සකමට අහං ඉන්නවා මිසක් 
නැත්තං ගහනවා කට පොඩි වෙන්ඩ  
ආයේ එකම මිනිහෙකුට 
ඒ ලොකු ප්‍රශ්න ගැන කියන්න හිතෙන්නේ නැති වෙන්ඩ 
ඔන්න ඔය කොහෙන්ද මං දැක්කා 
මානවයාලු උසස්ම මොළයකට හිමිකම් කියන්නේ 
එහෙනම් ඔවුන් තේරුම් ගන්ඩ ඕනේ අනිත් දේ තමයි 
මිනිසුන්ගේ ගැටළු 
පුද්ගලානුබද්ධයි කියන එක 
ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් 
වගේම 
ඒවගේ දරාගැනීමේ ප්‍රතිශතයත් 
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් 
කෙනෙකුට විඳවන්න පුළුවන් දේ 
තව කෙනෙකුට විඳවන්න බැරි වෙන්න පුළුවන් 
හොඳම දේ තමයි 
අනුන්ගේ තක්සේරු වාර්තාව හදන්න කලින් 
තමාගේ එක හදාගන්න එක 
මං මේ කතා කරන්නේ 
ප්‍රශ්නෙකදී උරහිස දීලා හිත නිවන්නට වෙර දෙන මිනිසුන් ගැන නොව 
පිදුරු පැට්‍රොල් වලත් පොඟවලා හිත අවුලවන්න හදන මිනිස්සු ගැන 
තත්වය සෝචනීයයි !!

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.