Ads Top

බාලන්, විද්‍යා බාලන් - Vidya Balan


බාලන්, විද්‍යා බාලන් - Vidya Balan

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇය කොටය 
මහතය 
මාගේ යෙහෙළියක පවසන ආකාරයට 
ඇය පිටි මුට්ටයක් ලෙසය 
ඔව් ඇය සාධාරණයි 
ඇගේ පෙනුම එලෙසින්ය 
එනමුත් ඇගේ රංගනය, 
භාවාත්මක අභිනයකට 
අධ්‍යක්ෂකවරයෙකුගේ පළමු තෝරා ගැනීම 
ඇයම විය යුතුය 
එතරමට ඇය ඒ සඳහා සුදුසුයි 
දීපිකා, ප්‍රියංකා, ආලියා, පරිනීති 
ලෙස 
ඇය සරාගී නැත 
එබැවින් 
ඇය ඒ ලයිස්තුවේ වත් නැත  
ඇතැම් විට ඇයට 
වෙනම වූ ප්‍රේක්ෂක කොටසක් 
සිටිනා හැඩය 
එසේ නම් 
මා ද ඒ කොටසේ හවුල්කරුවෙකි 
කොට මහත මොඩලයක් වුවත් 
ඇය රූපසුන්දරියකි 
රඟපෑම ආත්මයම කරගන්නා ලක්ෂණය 
ඇගේ සිනමා නිර්මාණ තේරීම් ද 
අමුතුය, 
වටිනාම දෙය 
මා පෙමින් බැඳී ඇත්තේ 
ඈගේ 
හඬටය 

ඇය, 
නමින් 
විද්‍යා බාලන් නම් විය 

#hatsoff #respectma'me 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.