Ads Top

අනුවගේ සිම්බා මල්ලී


අනුවගේ සිම්බා මල්ලී 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හොඳ වංසෙන් නෙවෙයි ලූ 
වේලි වේලි පාරක අයිනේ හිටියා ලූ 
ගෙදර ගෙනියමු කියලා මැරෙන්න හැදුවා ලූ 
බේරිල්ලක් නැති පාර අරගෙන ආවා ලූ 


සරුවක් නෑ ඇට්ටකුණා මොඩල්ලූ  
හැදෙන්නෑ මේ උන්ගේ හැටීලූ
දොස්තරටත් මූ දැක්කම හිනාලූ 
මොනා උනත් පොර පෙරේරා ෆැමිලියෙලූ 


කරන්නෙම ගොන් තඩි වැඩමලූ 
බල්ලෙක්ද මෝඩයෙක් ද කියලත් අහනවාලූ 
බත් වලට වඩා කන්නේත් ගුටි මලූ 
එනිවේ ටේකින් කෙයාඩ් බයි අම්මාලූ 


මොන දේ උනත් සයිඩ් බයි ඉන්නවා ලූ 
බිරුවේ නැතත් නකුට හරි වනනවා ලූ 
ගෙදර හැමෝටම වැඩියෙන් එයා මට ආදරෙලූ 
ඉතිං එයා මගේ පණ වගෙලූ 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.