Ads Top

බොලිවුඩ් නස්පැත්ති I - දුරක් ගිය දීපිකාගේ බිකිනිය


බොලිවුඩ් නස්පැත්ති I - දුරක් ගිය දීපිකාගේ බිකිනිය

සිත්තම් මායා | අනූ පෙරේරා 

වෙඩිම කාගේදැයි මතක නැත 
දීපිකා පදුකෝන් බිකිනියකින් සැරසී සිටියාය 
මාධ්‍යවේදීන් වාර්තාකරණය පසෙක තබා 
දීපිකා හා සතුටු සාමිචියේ යෙදුනෝය 
ඒ දෙස ආවේගයෙන් බලා සිටියේ 
රන්විර් සිංග් අයියා ය 
ඒ සිදුවීම මාගේ අයි ෆෝන් සෙවන් ප්ලස් හී 
වීඩියෝ ගත කොට 
NO IDEA Productions 
ෆේස්බුක් පිටුවට අප්ලෝඩ් ද කළා වගේ මතකය 
සැණෙකින් මා හට දුරකථන ඇමතුමක් ගන්නට යැයි 
messenger පණිවිඩයක් එව්වේ අනික් ඇඩ්මින්වරයා ය 
ඒ මොහොතේ සත එකේ බැලන්ස් එකක හිමිකාරයෙක් වූ මා 
කෝපරේට් ඇඩ්මින්වරයාට ගත්තේ Whatsapp කෝල් එකකි    
ඒ ගල් ආඳා එක හෙළාම කීවෙ 
" මොන බම්බු වීඩියෝවක් ද ඕයි අර අප්ලෝඩ් කරලා තියෙන්නේ "
" දීපිකා ඇඳුමක් වත් නැතිව ? " ලෙසටය 
එය එතරම් වද වෙන්නට කාරණාවක් නොවෙන බව 
මමත් දැඩිවම කියා සිටියෙමි 
වැඩි වාද කිරීමක් නැතුවම 
ඇමතුම විසන්ධි කිරීමට 
අප දෙදෙනාම නොපසුබට වූයේ 
ඩේටා නාස්තිය උවද කිසිඳු තේරුමක් නැතුව වෙන නිසාමයි 
කෙසේනමුත් මේ කර්තව්‍යට මා හට උල්පන්දම් දුන්නේ 
ඉස්කෝලේ සුපිරි බුලට් දෙකක්ය 
ඔවුන් කාඩ් එකෙන් 
නරියා සහ මොලයා ය 
කියන්නට තවත් තියෙනවාය 
පස්සේ කියන්නම්, හා ද ? 

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.