Ads Top

Bollywood නස්පැත්ති II - Sonam Kapoor ගේ ආගමනය


Bollywood නස්පැත්ති II - Sonam Kapoor ගේ ආගමනය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඊයේ ඉඳන් ඉතුරු ටික මේ 
බලාගෙනම හිටියලු කස්ටිය 
දත කට පූට්ටු කරගෙන 
අනේ නිකං පල ඩො යන්න, බයිලා නැතුව 

" වේටර් මල්ලී අපිට තව බයිට් ටිකක් ගේන්ඩ "

" ඊයා ඕයි වෙඩිම් වල වේටර්ලා නෑ "

අනුවයි නරියයි මොලයයි 
අර කිව්ව වෙඩිම් එකේ 
බයිට් ටිකට වගකියමින් සිටියෝ ය ( ද කොහෙද )

" අර බලනවකො ගෑනු බීලා නටන හැටි "

" දැන් තමුන්නාන්සේ වෙරි වෙන්නේ බයිට් කාලා " 

ඔය අතරේ ඔතැනින් ඇදුනේ 
නීර්ජා වෙනුවෙන් ලද නැෂනල් අවෝර්ඩ් එක අත දැරි 
සෝනම් කපූර් අක්කී ය 

" අන්න අජිත් කපූර්ගේ දුව සෝනම් කපූර්  " 

ඒ අසලින්ම සිටි චුට්ටේ මැරෙන්නට විය 

" ඉතිං දැන් මං නටන්නද කියන්නේ "

අපිට සෝනම් අක්කිව වගේ වගක් නැතුවා සේය 
මොකද දීපිකා අක්කි අරහේ බිකිනි ඇඳුමකින් සැරසිලානේ 
දීපිකා අක්කි දෙස හොරෙන් හෝ බලන 
පිරිමි පරාණ කවුරුදැයි අපි සටහන් කරගත්තේ  
පසුව බ්ලක්මෙල් ක්‍රමයට 
බම්බලපිටියෙන් චීස් කොත්තු කෑමට හැකි බව 
මොලයා බයිට් කමින්ම උවත් 
මොලේ කල්පනා කොට කිවූ නිසාමය  

.... දැන් ඇති , හෙට ලියන්නම් , හා ද ? .....

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.