Ads Top

සමීපතමයන් ට


සමීපතමයන් ට 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මිනිස්සු 
හැමවෙලාවෙම රැකගන්න උත්සහ කරන්නේ 
තමන්ට ලැබිලවත් නැති 
තමන්ට පොඩි අයිතියක්වත් නැති 
බැඳීම්; 
හැමවෙලාවෙම පෙනෙන්නට තියෙන 
හැමවෙලාවෙම දකින්නට තියෙන 
බැඳීම් 
කෝටියක් පසෙක දමා 
දුවන්නේම හිමි නැති බැඳීම් පස්සෙමයි 
නොලැබෙන බැඳීම් පස්සෙමයි 
ඒ මනුස්ස සොබාවය වෙන්න ඇති 
මහමෙරක තරම් දෙයක් ඕනේ නෑ 
පොඩිම පොඩි දෙයක් ඇති 
තමන් ළඟ බැඳීමෙන් ඉන්න උන් රැකගන්න 
එක ආදරණීය සිනහවක් 
එක ගෞරවණීය වචනයක් 
ඇති වෙන්නට පුළුවන් 
ඔවුන්ගේ ආත්මයක් සනහවාලන්නට 
මහාලොකු කාර්යබහුල ජීවිතයෙන් 
විනාඩි තුන හතරක් යොදන්න 
මහාලොකු දේවල් හොයන්න නෙමේ 
මහාලොකු දේවල් කරන්න නෙවෙයි 
හිතන්න සරලම පුංචිම සතුටු දේ 
ඔවුන් වෙනුවෙන් 
එක බැගින් එක දවසට 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.