Ads Top


Keeping Hopes

සිත්තම් මායා | අනූ පෙරේරා 

ජීවිතේට 
කිසිම අරමුණක් ඉලක්කයක් නැති උන ගමන් 
හිත එහාට මෙහාට පාවෙන්න ගන්නවා 
ඔන්න ඔය වෙලාවට 
නිදහස් ජීවිතය ගැන 
රටේ නැති බයිලා ලියවෙන්නට ගන්නවා 
වැඩේ කියන්නේ 
මට එහෙම බෑ ඕයි 
කිසිම අරමුණක් ඇති කරගන්නේ නැතුව 
පරණ ඉලක්කත් අතීතයේම වළදාලා 
එදා දවස සංතෝසෙන් ගෙවලා දානවා 
කියලා හිතුවත් 
ඇදෙන්නෙම වළදාපු හීන ගොඩට 
එකින් එක මටත් හොරා වෙලාවකට 
මමම හොරරහසේ ගොඩගන්නවා 
හිත දැක්කලු 
දවස් ගාණක් එකදිගටම 
එකම එක තැනක මට වැරදුනාලු 
" යූ ආර් කීපින්ග් හෝප්ස් ඔන් අදර්ස් සුදුපුතා "
මට හිතුනෙම නෑ 
අම්මා කියනකල්ම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.