Ads Top

ඇයට සැනහෙන්නට


ඇයට සැනහෙන්නට 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හැම මනුස්සයෙක්ම කැමතියි 
ගෞරවය ලබන්න 
පොඩ්ඩක්ම හරි 
ලංකාව වගේ පීතෘ මූලික රටක 
ගැහැණියකට ඒ දේ නොලැබෙන තරම් 
මොන බයිලාව ගැහුවත් 
පිරිමියෙක් කැමති නෑ 
ගැහැණියක් ඉස්සරහට යනවට 
ඉතිං උඹ දැන් තර්ක කරාවි 
සුරංගනා කතා ගොඩාක් කියාවි 
එහෙම නෑ මෙහෙමයි කියන්නට 
නමුත් යතාර්ථය එයයි 
ගැහැණියක් ඉදිරියට යනවිට 
සතුටුවන එකම පිරිමියා 
අප්පච්චි කෙනෙක් පමණි
හා, එය එසේ නොවේද ? 
දීලා බලන්න පොඩි ගරුත්වයක් 
ගැහැණියකට 
සැනහෙන්නට ඇයට 
ආත්ම ගාණකට 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.