Ads Top

ලට්ට ලොට්ට යාළුවෝ


ලට්ට ලොට්ට යාළුවෝ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

යාළුවෝ නම් ඉන්නවා ලොට් එකක් 
ඒත් මේ ලඟකදී 
එතැනින් එකෙක් මගෙන් අහපි 
" ඉන්නවද ඕනේ වෙලාවට ඔය අතරෙන් එකෙක් "
" ඔව් " පිළිතුරයි මාගේ 
එනමුදු search වෙයි එක දිගට සිත තුළින් 
" ඉන්නවාද එකෙක් ? "
' Results not found '
හදවත හරි හරියට රිද්දමින් 
පිළිතුරු ලදිමි 
බහුතරයකගේ සිත් මෙන් 
ඉතිං සාධාරණීකරණය කරගනියි 
මම මාවම 
' ඉන්නවනේ මම එයාලට ඕනේ වෙලාවට '
එය සෑහීමක් නොගෙනෙයි, නොදෙයි 
වැටුණා මම, මේ ලඟකදී 
බර කල්පනාවකට 
ලෝකයේම ප්‍රශ්න හරියට 
ගත්තාට කරට 
මොන ලෝකයට උර දෙන්නේ 
එකම එක පුද්ගලික ගැටළුවකට, 
යාන්ත්‍රිකරණය වෙලා 
හැම මනුස්ස ජීවියෙක්ම 
මානුශීය නැති තරම් ම 
ඉතිං සිතුවා මමත් 
බලාගන්නවා මින් මතුවට මගේම වැඩක් 
අකමැති නම් සිනා නොවෙනවා මුණිච්චාවටවත් 
අකමැති නම් කතා නොකරනවා සිත් පෑරුණත් 
මෙය පොදු ගැටළුවකි  
සමාජීය වූ හැම මිනිසාටම 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.