Ads Top

අනුවගේ යටිහිත කියන්නේ වෙනම දෙයක් අයිසේ !


අනුවගේ යටිහිත කියන්නේ වෙනම දෙයක් අයිසේ !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මේ කලාට 
ජොබ් කෙරුවාවට මාත් කැමති නෑ 
බහුතරයක් අපේ පරම්පරාවේ උන් වගේම 
මට පේන්නේ මේක අපේ පරම්පරාවේ ප්‍රස්නයක් 
උදේ 8 ට ගිහිං හවස 5 ට නිදහස් වෙන ජිවිතෙකට 
කොහෙත්ම පොඩ්ඩක්වත් මං කැමති නෑ 
ඒ හින්දා වෙන්න ඕනේ 
9 ට ගිහිං 4 ට ඕෆ් වෙන 
සතියට දවස් තුනක් විතරක් යන 
ෆ්‍රීලාන්සින් ටයිප් එකේ ජොබ් එකක් 
බැරිම තැන කරන්න ගත්තේ 
කොම්පියුටරයක් ඉස්සරහා ගණන් කෑලි ටිකක් අමුණ අමුණ ඉන්න 
එහෙමත් නැත්තම් කවුරුහරි ලියපු ආටිකල් කෑල්ලක 
වැරදි හොයා හොයා ඉන්න 
මගේ දෛවයේ ලියවිලා නෑ කියලා 
යටිහිත හැමවෙලාවෙම කියනවා අයිසේ 
ඉතිං මං මේ හොයනවා මොනාද කරන්නේ කියලා 
මගේ සෙට් එකත් එක්ක දෙයක් කරන්න 
ලොකුම ලොකු දෙයක් කරන්න 
තේරෙන වයසේ ඉඳන් මගේ කටේ හැමවෙලාවෙම වචනයක් තිබුණා 
"ස්වාධීන වෙන්න ඕනේ කියලා "
ස්වාධීන වෙනවා කියන්නේ මොකද්ද කියලා 
හරියට නිර්වචනය කරන්නවත් තේරෙන්නේ නෑ මට 
හැබැයි ඒක නිකම් හරියට 
තමන්ගේ කෑම ටික තමන්ම අතින් වැරදියට හරි හදාගෙන
තමන්ගේ ඇඳුම් ටික දෙතුන් පාරක් ඇඳලා තමන්ම හෝදගෙන 
යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි බිස්නස් එකක් පණදාගෙන කරන්න 
හවසට අවුරුදු 50 පැනපු අංකල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි එක්ක ජොගින් කරලා 
රෑට යාළුවෝ එක්ක ගිටාර් එකක් ගගහා මම සිංදු කියන්න 
කොකාකෝලා මෙගා බෝතලයක් අරක්කු බොනවා කියලා හිතාගෙන බොන්න 
මාසේ අන්තිමේට අම්මගෙයි තාත්තගෙයි අතට 
අනුන්ගේ ආයතනයක පරවැඩ කරපු 'සල්ලි මල්ලක්' නෙවෙයි 
මගේ දියුණුවේ 'සල්ලි මිටක්' දෙන්න 
ඊටත් පස්සේ කාලෙක 
මම කරන හැම පිස්සු වැඩකටම, හොර වැඩකටම හෙවණැල්ල වගේ 
මට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොල්ලෙක් ලබන්න 
හරියටම කිව්වොත් මගේ ජිවිතේ 
සම්පූර්ණ හින්දි ෆිල්ම් එකක් වෙන්න ඕනේ 
මට තේරෙන විදියට ඒකයි මගේ ස්වාධීනත්වය 
ඒ ස්වාධිනත්ව රූලේ කොච්චර අගල් ගාණක් ඇවිල්ලාද කියලා දන්නේ නෑ 
හැබැයි අද වෙනකොට මගේ යාළුවෝ මට දුන්න නම්බු නාමය මෙහෙමයි;
" ස්වාධීනත්වයේ ප්‍රතිමූර්තිය කවුද කියලා ඇහුවොත්, fb එකේ 
Anu Perera සර්ච් කරලා 
මුගේ ෆොටෝ එකක් පෙන්නපන් " කියන ගෞරව නාමය 
දැනට ඒ ඇති මට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.