Ads Top

අනුවගේ සිත්තම් මායාව


අනුවගේ සිත්තම් මායාව 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මුලදීම කියන්නම්, 
කියෝලා මේක ෂෙයාර් කරලා සපෝර්ට් එකක් දෙන්ඩලා ඈ  


මෙහෙමයි, මිනිස්සු කාර්යබහුල නෑ 
කිසිම කෙනෙක්, ඔව් කිසිම කෙනෙක් කාර්යබහුල නෑ 
ගැටළුව තියෙන්නේ 
එයාලා යමකට ප්‍රමුඛතාවය දීම නොදීම ගැනයි 

මොන වැඩේ මොන විදියට 
කොහොම වැදගත් උනත් 
දවසට පැයක් දෙකක් වෙන් කරගෙන 
සිත්තම් මායාව ලියන්නේ 
ඒකට ලැබෙන ආන්න ඒ 
කොමෙන්ටු දෙක තුනයි 
ලයික්ස් පහ හයයි වෙනුවෙන් 
උන් හැමදාම කියවන උන් 
කිසිම ප්‍රතිචාරයක් නැතුව උනත් 
කියවන උන් වෙනුවෙන් 
උන්ගේ එකම එක කොමෙන්ටුවක් 
මට පට්ට වටිනවා 
ඒ අගය කිරීම 
ඒ විවේචනය 
මට මාරම සැනසීමක් දෙනවා 
ඉතිං මං 
කොච්චර කාර්යබහුල උනත් 
මේ වෙනුවෙන් කාලය හොයාගන්නවා 
වයිරල් වීඩියෝ වගේ නෙවෙයි ලේඛන කලාව 
අද මිනිස්සු කියවන්නේ නැති තරම් 
හැබැයි 
ඒ කැපවීමට සාධාරණයක් 
මග තොටේදී මට හමුවෙනවා 
අනුවව දන්නේ නැතත් 
"සිත්තම් මායා" නාමය දන්න මිනිස්සු ඉන්නවා 
යකෝ අවුරුදු තුනක මහන්සිය බොලව් ඒ 
ඉතිං මට සතුටු නැද්ද  
"සිත්තම් මායා" බ්‍රෑන්ඩ් එක 
ඊළඟ අවුරුද්ද වෙනකොට රටේ බාගෙකට හුරු කරනවා 
ඔව් තනියම 
තනි කෙල්ලෙක්ගෙ මහන්සියෙන් 
උඹලගේ උදව්වෙන් 
ඒ නැතත් කමක් නෑ 
මං ගේම ගහනවා 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.