Ads Top

ආදරණීයම නගරය


ආදරණීයම නගරය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කොලොම්පුරේ
ආදරණීයම නගරය 
නුගේගොඩලු
වේදනීයම නගරයත් 
නුගේගොඩමලු
හනේ අපිට බැරි උනා 
නුගේගොඩින් ලව් කරන්නත් 
නුගේගොඩින් බ්‍රේක් අප් වෙන්නත්
බහුතරයක් මගේ මිත්‍රයින්ට 
ආන්න ඒ බැඳීම 
නුගේගොඩත් එක්ක තියෙනවාලු 
අවාසනාවකට වගේ 
මට නම් තියෙන්නේ 
නුගෙගොඩ පාලම උඩදි
බයික් එක නැවතිලා 
ඒක තල්ලු කරන් 
පල්ලම් බැස්ස මතකයක් විතරමයි අයියෝ 

#අනුවා
Siththam Maya | Anu Perera. Powered by Blogger.