Ads Top

ආදරණීය ටපැස්කිය !


ආදරණීය ටපැස්කිය !

සිත්තම් මායා | අනූ පෙරේරා 

දන්නවද 
එයා මගේ අමුතු පහේ යාළුවෙක් 
අපේ සබඳතාවය හරිම අමුතුයි 
අපි යාළුවෝ 
හැබැයි උපරිම දවස් තුන හතරකට 
ඊටපස්සේ වලියක් දාගෙන 
මාස හත අටකට කතා නෑ 
ඔය ඉඳලා හිටලා බැරිම කමටවගේ 
පින්තූරෙකට ලයික් එකක් දෙකක් එහෙමත් 
හුවමාරු කර නොගන්නවාමත් නෙවෙයි 
ඒ උනාට 'උඹ මැරිලද කියලවත් ' අහන්නේ නෑ 
ලොකුකම බං ලොකුකම 
නැත්තං වෙන මොකද්ද 
අනේ බං ඒ උනාට.... 
ඌ හිත හොඳ එකා 
හැබැයි මට උගේ පෙන්නන්නම බැරි 
බොරුවට දෙන හෙන ලයින් එක 
ඔය සාමාන්‍යයෙන් අපි 
යාළුවෝ වෙනුවෙන් කරන කෙයාරින්ග්ස් තියෙන්නේ, 
ඌ ගාව ඒවා නෑ 
ඌ ඩෝන්ට් කෙයාර් උඩම ලයින් එකේ ඉන්නේ 
ජනාධිපති ආර්යාව කියලනේ හිතාන ඉන්නේ 
ඔව් බං මහා විකාරයක් වෙලාවකට 
ඔය හිටියට අපිටත් එපා වෙලා ඉන්නේ 
මාස්ටර් ප්ලෑනක් එහෙම දීලා පොරව හලන්න ඉන්නේ 
අදහස් උදහස් එහෙම තියේනං කියන්ට ඕනෑ 
ඒ උනාට මං උට හෙන ආදරෙයි 
ආදරණීය ටපැස්කිය ! 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.