Ads Top

ඔහු අමුතු චරිතයක්


ඔහු අමුතු චරිතයක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔහු අමුතු චරිතයක් 
තමන් පණටත් වඩා ආදරය කරන කෙල්ල 
හොඳම යාලුවාගේ පෙම්වතිය වන්නට ඉඩ දෙන 
ඔහු බලාන ඉන්නවාලු 
උන් දෙපලගේ 
මුහුකුරා නොගිය නැවුමු ආලය
සැනසුම් සුසුමෙන් 
ගතින් ඈතින් 
සිතින් ලඟින් 
මධුවිත ළඟ නොනැවතුණු ඔහු 
ඒ දුක 
අප සමඟ නොකියා 
ජීවිත දාර්ශනයේ 
ඔස්කාර් අත දරමින් මෙන් 
ඇති කළ දුක සැඟවූ 
ඒ සංවාදය 
සියලු රහස් හෙළි කළ බව 
ඔහුටත් තවම රහසක් විය යුතුය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.